සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” අර්බුදය විසදන තෙක් අඛණ්ඩ අරගල – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=විවිධ කමිටු පත්කරමින්, විවිධ යෝජනා ඉදිරිපත් වුවද මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවත් අදාළ ගැටළුව විසදීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොවී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යේජනා පමණක් ක්‍රියාත්මක වන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේ “සයිටම්” අර්බුදය විසදීම සදහා පත්කරන ලද කමිටුව, විද්වත් කමිටුවක් ලෙස හැදින්විය නොහැකි බවයි. මෙම මාධ්‍ය හමුවට සහභාගීවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ මෙම අරුබුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවාදී විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජන ක්‍රියාත්මක කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද සහභාගි වී සිය අදහස් පළ කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට