සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරුදන්වූවන් පිළිබද පනත අනාගතයට පමණක් බලපාන බවට අගමැති කළ ප්‍රකාශය අමූලික බොරුවක් – රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාවය අනුව යමින් දිවිපරදුවට තබා රට බේරාගත් රණවිරුවන් පාවා දීම සදහා වත්මන් ආණ්ඩුව විසින් අතුරුදන් වූවන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹ කොටුව, සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් ජයන්ත සමරවීර මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම පනත අනාගතයට පමණක් බලපාන බවට, අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශ්‍ය අමූලික අසත්‍යයක් බවත් මෙම පනත සම්මත වුවහොත් මෙරට රණවිරුවන් විදෙස් රටවලට ගෙන්වා ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමිවන බවයි.

අදාළ පනත පිළිබද කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දැනුවත් වී නොමැති බැවින් මෙම පනතට සහය නොදක්වන්නැයි සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජයන්ත සමරවීර මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට