කොදෙව් පරාජය ශ්‍රී ලංකාවට වාසනාව ගෙන දෙයි..
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර ඊයේ (19) පැවති එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නා ලදී. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් කෙදෙව් කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලබා ගත් ලකුණු 204 ට පිළිතුරු ලෙස පන්දු වාර 30.5 ක් තුළ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 210 ක් ලබාගැනීමට එංගලන්න්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීමේ සෘජු සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 08 අතරට එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම වාසනාවන්ත විය.