සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් නිල ඇඳුමේ ප්‍රමිතිය ගැන අවධානය..

 alt=ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සදහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.පොලිස්පතිවරයාගේ සිට කොස්තාපල්වරයා දක්වා සියලු නිලයන් සඳහා නිල ඇඳුම් භාවිතා කිරිමේදී ගුණාත්මකභවයෙන් ඉහළ එකම රෙදි වර්ගයක් භාවිතා කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.ඒ මහතා මේ බව පවසා ඇත්තේ පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම් සාම්පල් කිහිපයක් නිරික්ෂණයට ලක් කිරිමෙන් පසුව වන අතර දැනට සිදු වන පොලිස් කොට්ඨාස මට්ටමින් නිලධාරින්ගේ නිල ඇඳුම් මැසීම පොලිස් රාජකාරියට බාධාවක් බව සදහන් කර ඇති අමාත්‍යවරයා, නිලධාරින්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙස උපදෙස් දී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට