සත්‍යයේ පුවත් අඩහැරය….

ගල්කිස්සෙන් හමු වු මුස්ලිම් සරණාගතයින් පිරිස බූස්ස රැදවුම් කදවුරට…

 alt=ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ (26) දින ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගත් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත පිරිස, ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන තුරු බූස්ස හමුදා රැඳවුම් කඳවුර වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.මෙම පිරිසෙහි කාන්තාවන්, ළමුන් ඇතුළු 31 දෙනෙකු සිටින බව වාර්තා වන අතර මොවුන් මීට මාස 04කට පෙර මෙරට මුහුදු සීමාව ආසන්නයේ දී බෝට්ටු මගින් ගමන් කරමින් සිටිය දී නාවික හමුදා භාරයට ගෙන ඇති බව සදහන්.කන්කසන්තුරේ පොලිසියට භාරදුන් මෙම පිරිස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන ලෙසට නියෝග කර ඇතත් පසුව නීතිපති උපදෙස් අනුව ඔවුන් මුදා හැරීමටයි මල්ලාකම් අධිකරණය තීරණය කර ඇත.ඉන්පසු එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කාර්යාලයට භාරදීමෙන් අනතුරුව මෙම පිරිස ඊයේ දිනය වන තුරු ගල්කිස්ස ප‍්‍රදේශයේ කුලී නිවාසයක රඳවා තිබි ඇත.කෙසේ වෙතත් සිහල රාවය සංවිධානයේ සාමාජික පිරිසක් එම ස්ථානයට පැමිණීම නිසා ඇති වු උණූසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වී ඇත.එහි දි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සදහන් කර ඇත්තේ
ආරක්ෂක අමාත්‍යාංශය විසින් යම් පියවරක් ගත යුතු බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට