සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් සතොසේ පහළ යයි..

 alt=අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසා සිටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ලංකා සතොස වෙත කරන ලද නියෝගයකට අනුව මෙම මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව සුදු නාඩු කිලෝ 01 ක්ව රු.77 සිට රු.74 දක්වා ද සුදු කැකුළු කිලෝ 01 ක් රු. 68 සිට 65 දක්වා ද, සම්බා සහල් කිලෝ 01 ක්ව රුපියල් 89 සිට 84 දක්වා ද, රතු කැකුළු කිලෝ 01 ක් රු. 77 සිට 75 දක්වා ද, රතු නාඩු කිලෝ 01 ක් රු. 83 සිට 80 දක්වා ද, සුදු කැකුළු සම්බා කිලෝ 01 ක් රුපියල් 94 සිට 90 දක්වාද, රතු කැකුළු සම්බා කිලෝ 01 ක් රු. 90 සිට 88 දක්වා පහළ දමා තිබේ. අානයනික වියළි හාල්මැස්සන් කිලෝ 01 ක්ව රුපියල් 539 සිට රු. 525 දක්වා පහළ දමා ඇති අතර මෙම භාණ්ඩ අදාළ මිල ගණන් යටතේ ලංකා සතොස අලෙවිසැල් මඟින් හිගයකින් තොරව ජනතාවට ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ද ලංකා සතොස පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට