වෙනත් නමකින් සාමාන්‍ය පෙළ ලියූ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට..
වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකු ලෙස පෙනී සිටිමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සිසුන් දෙදෙනා පුද්ගලික අපේක්ෂයින් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ඇති අතර ලුණුගම මහා විද්‍යායේදී ඔවුන්අ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිසුන් දෙදෙනා අද (15) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.