උෂ්ණාධික තත්ත්වය තව මාසයක්..
මේ වන විට මෙරට තුල ඇතිවී තිබෙන උෂ්ණාධික තත්ත්වය ඉදිරි මාසයක කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. සුළං තත්ත්වය අවම වීම සහ පහළ වායුගෝලයේ ජල වාෂ්ප වැඩිවීම වැනි හේතු නිසා මෙම උෂ්ණාධික තත්ත්වය ඇතිවී තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.