සත්‍යයේ පුවත් අඩහැරය….

වසර 25 ක් නායකත්වයේ, පක්ෂය නිසි මගට නොගත් රනිල් ඉවත් වියයුතුයි – එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය

Podu Jana Peramunaවසර 25 ක කාලයක් මුළුල්ලේ පක්ෂ නායකයා ලෙස කටයුතු කළද පක්ෂය නිසි මගට ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බැවින් වහාම එම ධුරයෙන් ඉවත් වන්නැයි එක්සත් ජතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (23) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.එම් වික්‍රමසිංහ මහතා විසින් මේ බව පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ලක්ෂ 45 ක ඡන්ද පදනමක් පැවති දැවැන්ත පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ලක්ව ඇති දැවැන්ත කඩා වැටීමට රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම වගකිවයුතුව ඇති අතර පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවුනහොත් ඊට එරෙහිව රටපුරා එක්සත් ජාතික පාක්ෂිකයින් කැදවා කොළඹදී දැවැන්ත සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති තත්ත්වයෙන් පක්ෂය ගොඩගැනීමට නම් අවශ්‍ය වන්නේ අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් නොව පක්ෂ නායකත්වයේ වෙනසක් බවත් එ් අනුව කටයුතු කළහොත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂයට ඉහළ ජයග්‍රහණයක් ලබාගැනිමට හැකිවනු ඇති බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සාමාජිකයින් වන සමන් පතිරණ, නලින් නුවන්සිරි, සුමිත් කුමාර, අරුණ ගුණරත්න සහ සී.ඩබ් එරික් ඇන්තනී යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට