පොලිස් රාජකාරියට බාධා කරලා, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට..
පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසරි මුණසිංහ මහතා ඇතුළු තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.