දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් අනතුරකට ලක්වී 17 ක් රෝහලේ..
කඩවත සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වීම නිසා පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අදාළ බස්රථය අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේදී ආරක්ෂිත වැටේ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් කරාපිටිය සහ ඇල්පිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ. පින්නදූව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.