ඒකාබද්ධ විපක්ෂය අද විශේෂ සාකච්ඡාවක..
ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (02) පස්වරුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි දින රැළිය ගාල්ලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.