සත්‍යයේ පුවත් අඩහැරය….

නව කැබිනට්‌ අමාත්‍යවරුන් 18 දෙනෙකු දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට්‌ අමාත්‍යවරුන් 18 දෙනෙකු ඊයේ (01) දිවුරුම් දෙන ලදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දී ඇත. ඒ අනුව අමාත්‍යධූරයන්ගෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයින්ගේ අමාත්‍යාංශයන් වෙතට නව අමාත්‍යවරුන් පත්කර ඇති අතර හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත මහතා දැරූ විද්‍යා තාක්‍ෂණ, පර්යේෂණ, චන්දිම වීරක්‌කොඩි මහතා දැරූ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ එස්‌. බී. දිසානායක මහතා දැරූ කන්ද උඩරට යන අමාත්‍ය ධුර ආචාර්ය සරත් අමුණුගම මහතාට හිමිවිය.

සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ද එස්‌. බී. දිසානායක මහතාගේ ඉවත් වීමෙන් පසු හිස්වූ අතර එම අමාත්‍ය ධුරය පී. හැරිසන් මහතාට ලබාදී තිබේ. ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ විජිත් විජයමුණි සොයිසා මහතායි. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස මීට පෙර පී. හැරිසන් මහතා විසින් කටයුතු කරන ලද අතර ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළේ මහින්ද අමරවීර මහතායි.

ඩබ්.ඩී.ඡේ. සෙනෙවිරත්න මහතා දරණ ලද කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ධූරයේ රවීන්ද්‍ර සමරවිර මහතා දිවුරුම් දෙන ලදී.රවීන්ද්‍ර සමරවීර මහතා විසින් මෙතෙක්‌ දරන ලද තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යංශය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබේ. ආපදා කළමනාකරණ, වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යධූරයේ දිවුරුම් දී ඇත්තේ දුමින්ද දිසානායක මහතායි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය,

අනුර ප්‍රියදර්ශන මහතා ආණ්‌ඩුවෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු විය. කෘෂිකර්ම අමාත්‍යධූරය දුමින්ද දිසානායක මහතාගෙන් ඉවත් කර මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දී තිබෙන්නේ ෆයිසර් මුස්‌තාපා මහතායි. දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ක්‍රීඩා අමාත්‍යධූරය හිස්වූ අතර නව අමාත්‍යධූරයත් සමග ක්‍රීඩා, පළාත් පාලන සහ පළාත් සභා නව ඇමැතිවරයා ලෙස ෆයිසර් මුස්‌තාපා මහතා කටයුතු කරනු ලබයි. උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධූරයෙන් පසුගිය දා ඉවත් කරන ලද විජයදාස රාජපක්‍ෂ මහතායි. විජයදාස රාජපක්‍ෂ මහතා දිවුරුම් දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යධූරයේ මෙතෙක් කටයුතු කළ කබීර් හෂීම් මහතා මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. තලතා අතුකෝරාළ මහත්මිය මෙතෙක් දරණ ලද අධිකරණ අමාත්‍යධූරයට අමතරව ඩී.එම්. ස්‌වාමිනාදන් මහතා යටතේ පැවති බන්ධනාගාර අමාත්‍යධූරයේ ද දිවුරුම් දෙන ලදී. නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ඩී.එම්. ස්‌වාමිනාදන් මහතා දිවුරුම් දී ඇත.

එස්‌.බී. දිසානායක මහතාට හිමිව තිබූ සමාජ සුබසාධන අමාත්‍යධූරය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට හිමිව ඇත. ඉහත නව අමාත්‍යධූරයන්හි දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අමතරව ඊයේ දිවුරුම් දුන් අනෙක් අමාත්‍යවරුන් 05 දෙනාගේ විෂයන් වෙනස්ව නොතිබුනි.

ඒ අනුව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන, එස්‌. බී. නාවින්න මහතා අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන, රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය,සාගල රත්නායක මහතා තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන, මනෝ ගනේෂන් මහතා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා ලෙසත් පැරණි අමාත්‍යධූරයන්හිම දිවුරුම් දෙන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට