සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි…

Podu Jana Peramunaලෝක කම්කරු දිනය (01) අදට යෙදී තිබේ.මුළු ලෝකය තුළ සිටින වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති අද දිනය 1889 වසරේ දි ප්‍රකාශයට පත් කෙරිණ.පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් පිරිසකට පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමත් එම ප්‍රහාර වලින් කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමත් සිදුවිය.එය වැඩකරන ජනතාවගේ පළමු අරගලය ලෙස සලකා මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත. අද දිනයේ දි මෙරට යම් යම් දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති ඇතුළු කණ්ඩායම් විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.මැයි දිනය නිමිත්තෙන් පණීවිඩයක් නිකුත් කරමින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගුනේ අභියෝග හමුවේ නොසැලුනු මිනිස් ශ්‍රමයෙන් බවයි.සුළුතර සමාජ පංතියක හෝ කණ්ඩායමක අඩස්සියට පත් ශිෂ්ටාචාරයේ එම අසිරිමත් සොයාගැනීම්, පොදු මිනිස් අයිතියක් බවට හැරවුණේ ද නිදහස උදෙසා නොනැවති අරගල කළ මිනිස් පවුරෙහි ජවයෙන් බව සදහන් කර ඇති ජනාධිපතිවරයා එදාමෙදා තුර මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහදිය වැගුරූ සමස්ත කම්කරු ජනයා වෙත ආචාරය පුද කරන බව අවධාරණය කර ඇත.එමෙන්ම මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,ස්වකීය අයිතීන් දිනා ගන්නා අතරම රට වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටුකිරීම සඳහා නොපිරිහෙලා කැපවන්නට සමස්ත වැඩකරන ජනතාවට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන බව අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට