සත්‍යයේ පුවත් අඩහැරය….

පිළිගත හැකි විසදුමක් නොලැබුණ හොත් වර්ජනය දිගටම, ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය …

Podu Jana Peramunaජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය විසින් පසුගිය 30 වන දින ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (31) දිනටත් ක්‍රියාත්මක වන බව එම සංගමය අවධාරණය කරයි. ඒ අනුව අද උදෑසන 09 සිට සවස 01 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවත් ඒ තුලින් දෛනික නඩත්තු කටයුතු, බිඳවැටීම් අලූත්වැඩියා කිරීම්, පාරිභෝගික සේවා කටයුතු, මනු සටහන් ගැනීම්, බිල්පත් අයකිරීම් බිල්පත් නිකුත් කිරීම් ආදී කටයුතු කිසිවක් සිදු නොවන බවද හෙතෙම අවධාරණය කරයි. මේ අතර අද දින පිළිගත හැකි විසඳුමක් නොලැබුනහොත් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිවයින පුරාම ක‍්‍රියාත්මක වන අතර සියලූ අතිකාල සේවා සහ සති අන්ත සේවාවලින් සියලූ සේවකයින් ඉවත් විය යුතු බවට තීරණය කර ඇත. ඉංජිනේරු සහ ඉංජිනේරු නොවන විධායක ශ්‍රේණීන් මැයි 30 දින සිට ආරම්භ කරන ලද අකුරට වැඩ ව්‍යාපාරය විසඳුමක් ලැබෙන තෙක් දිගටම ක‍්‍රියාත්මක වන බවත් පොරොන්දු වූ ආකාරයට 25% ක වැටුප් වැඩිවීම් කප්පාදු නොකර ලබා දෙන ලෙස රජයට බලකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට