සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය හමුවේ පුද්ගලික රෝහල්, එන්නත් මිල හිතුමතේ ඉහළ දමලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaදිවයිනේ දකුණු පළාත ආශ්‍රිතව මේ වන විට පැතිරයමින් පවතින උණ රෝගී තත්ත්වය හමුවේ මෙරට බොහෝ පුද්ගලික රෝහල් අදාළ රෝගය නිවාරණය කිරීම සදහා ලබාදෙන එන්නතෙහි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වන අතර අදාළ රෝග තත්ත්වය දිවයින පුරා පැතිර යනුඇතැයි බියෙන් රෝගය නිවාරණය කිරීම සදහා බොහෝ දෙමාපියන් තම දරැවන් හට මෙම එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් පුද්ගලික රෝහල් විසින් අත්තනෝමතික ලෙස එන්නතෙහි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්ය.

දිවයිනේ බොහෝ පුද්ගලික රෝහල් මෙම අලෙවි කරනු ලබන්නේ රුපියල් 2000 කට වන අතර එහිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා තවත් රුපියල් 2000 ක මුදලක් ද ගෙවිය යුතු බවත් දකුණු පළාතේ මෙම එන්නත අලෙවි කරන්නේ රුපියල් 5800 ක් වැනි මුදලක් බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය. ඒ අනුව එම එන්නත සදහා පාරිභෝගිකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබීම, නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ ඇතැයි පුරසාරම් දොඩවන හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයාද වන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් සිටින රටකට කිසිදු ලෙසකින් උචිත නොවන බව ද මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට