හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ..
හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාළ වී ඇති බව වාර්තා වේ. කොළොන්නාව ග්‍රීඩ් උප පොළේ සිට කොල්ලුපිටිය තෙක් රැහැන් මාර්ගයක මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇති අතර අදාළ ගැටළුකාරී තත්ත්වයට පිළියම් යෙදීම මේ වන විටත් අරඹා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය අනාවරණය කර සිටියි.