වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය අවසන්..
බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය ඊයේ (14) රාත්‍රී කාලයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ. තම නඩු කඩිනමින් විභාග කිරීම, ඇප ලබාදීම යන ඉල්ලීම් සහ පිටතින් ආහාර ලබාගැනීම සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් විසින් බන්ධනාගාරයේ වහළය මත නැගී පසුගියදා මෙම විරෝධතාවය ආරම්භ කරන ලදී.