හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට..?
හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අවශ්‍ය ඇති සැකකරුවෙකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි යන අයට අධිකරණය මගහැර සිටීමට ආධාර අනුබල දුන් බවට සාක්ෂි මගින් පැහැදිලිව ඔප්පු වන්නේ නම් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.