සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අසාධාරණ ලෙස සිරගත කර ඇති ඥානසාර හිමි නිදහස් කරගැනීම සදහා බිම් මට්ටමෙන් අරගලයක් දියත් කරනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaරට දැය වෙනුවෙන් පෙනී සිටීම නිසා මේ වන විට අසාධාරණ ලෙස සිරදඩුවම් විදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබීනොමැති බව බොදු බල සේනා සංවිධානය අවාධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී. උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සදහා බිම් මට්ටමේ සිට අරගලයක් දියත් කරන බවයි.

ඒ අනුව දිවයිනපුරා පිහිටි ගම්, පන්සල් කරා ගොස් ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බවයි. ඥානසාර හිමියන් යනු මත්ද්‍රව්‍ය රටට ගෙනඑන ජාවාරම්කරුවෙක්ද, ත්‍රස්ත කණ්ඩායමක් මෙහෙයවන නායකයෙක්ද නොඑසේනම් අපරාධකාරයෙක්දැයි විමසා සිටින බවත් උන්වහන්සේ සිදුකළේ අපරාධ නොව, රටේත් ජනතාවගේත් ඉදිරි අනාගතයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනීසිටීම පමණක් බවද විතාරන්දෙණියේ නන්ද හිමි මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

අද වන විට රටේ ආරක්ෂාව පිළිබදව කතාකිරීම ලැජ්ජා සහගත තත්ත්වයකට පත්ව ඇති අතර රටේ ආරක්ෂාව වෙනුවෙන් සිටින පොලිසිය සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි පිළිකුල් සහගත බවක් ඇතිවෙමින් පවතින බවත් පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන් දූෂිත ආකාරයට කටයුතු කරමින් සිටින අතර නිසි පරිදි පවත්වාගෙන යානොහැකි නම් කළයුත්තේ පොලිස් සේවය රටින් ඉවත් කිරීම පමණක් බවද විතාරන්දෙණියේ නන්ද හිමි වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය පස්සරමුලේ පඤ්ඤාලෝක හිමියන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට