ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිට වෙඩිතැබීමෙන් එක් අයෙකු මරුට..
ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට ඊයේ (28) සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සංස්ථා මූලස්ථානය පැමිණි අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සදහා ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩිතැබීමකදී මෙම සිදුවීම සිදුවී තිබේ. එහිදී වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළ කර ඇති අතර එම අවස්ථාවේදී එක් අයෙකු මියගොස් ඇත.