සත්‍යයේ පුවත් අඩහැරය….

රටතුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුව රජයේ අදුරදර්ශී වෙළඳ ප‍්‍රතිපත්තියයි – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Podu Jana Peramunaමේ වන විට රටතුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් බොහෝ කාලයකට පෙර අනතුරු ඇගවූ බවත් වත්මන් රජයේ අදුරදර්ශී වෙළඳ ප‍්‍රතිපත්තිය හේතුවෙන් මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික‍්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ශ‍්‍රී ලංකාව ගෙවුම් තුලන අර්බුදයක් අභියස සිටින බව තම සංවිධානය විසින් පෙන්වා දෙන ලද බවත් එවැනි පසුබිමකදී ආනයනික බදු ඉවත්කරමින් නව වෙළඳ ගිවිසුම්වලට එළැඹෙමින් ආනයනයන් ඉහළ යන ආකාරයේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම පමණක් නොව, එම ගෙවුම් තුලන අර්බුදය සැඟවීම පවා ආර්ථික ඝාතක ක‍්‍රියාවලියක් බවද තම සංවිධානය විසින් පෙන්වා දෙන ලද බවත් ලසන්ත වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට අයත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් මේ වන විට ඉන්දියාව, චීනය, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීමට උත්සාහ දරමින් සිටින අතර මෙම රටවල්, වෙළදාමේදී මෙරටට වැඩිම අවාසිදායක ද්විපාර්ශවික වෙළද හිඟයන් ඇති රටවල් වන බවත් විවිධ ගිවිසුම් හරහා සේවා ක්ෂේත‍්‍රය විදේශිකයන්ට විවර කිරීම නිසා මෙරට තුළ රැකියා කරන විදේශිකයන් විසින්ද රට තුළින් විදේශ විනිමය පිටකිරීම නිසා මෙම අර්බුදය තවත් වර්ධනය වනු ඇති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට