සත්‍යයේ පුවත් අඩහැරය….

හැකිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව ගෙන්න, එ.ජා.ප.යට පිවිතුරු හෙළ උරුමයෙන් අභියෝගයක්..

Podu Jana Peramunaහඬාවැටී ව්‍යවස්ථානුකූල ගැටළු විසඳා ගත නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.2 සහ 42.4 වගන්ති සම්බන්ධයෙන් අර්ථනිරූපණයක් ලබාගන්නා ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවධාරණය කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියි. ඊයේ (27) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

ජනමතය පවතින්නේ තමන් සතුව බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය පවසන්නේ නම් ජනතා අධිකරණයක් ඉදිරියට ගොස් මෙරට අග්‍රාමාත්‍ය ධූරය දැරිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාසද නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතාද යන්න ජනතාවගෙන් විමසිය යුතුව ඇති බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව ජනතාව විසින් ලබාදෙන තීන්දුව භාරගැනීමට සූදානම් බවත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව හැකිනම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවත් උදය ගම්මන්පිල මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට