විස්සයි විස්ස ජයත් එංගලන්තයට..
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති පන්දු වාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30 ක ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත්විය. ඊයේ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවති අතර කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187ක් රැස්කිරීමට සමත්වූ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම, සිය පන්දුවාර 20 තුළ සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණි.