සත්‍යයේ පුවත් අඩහැරය….

නව ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ඊයේ (08) දිවුරුම් දෙන ලදී. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම්  දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, කැබිනට් අමාත්‍යවරුන් ලෙස  බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය  ලෙස දිවුරුම්  දී ඇත. ඊට අමතර රාජ්‍ය අමාත්‍යවරුන්,සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා  - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය, ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය , එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය සහ අනුර  ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට