ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම්..
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානම් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් යටියන්තොට, දැරණියගල සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට නායයෑම් අවදානම් මතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කළුතර දිස්ත්‍රික්කයට අයත් බුලත්සිංහල, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටද නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තවදුරටත් අනාවරණය කර සිටියි.