පාර්ලිමේන්තුව අද රැස්වේ..
පාර්ලිමේන්තුව අද (27) යළිත් රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද දහවල් 01.00 ට පාර්ලිමේන්තුවේ රැස්වේ. කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මීට පෙර ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන ලද නමුත් අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පවසන ලදී.