රුපියල් ලක්ෂ 121 ක හෙරොයින් සමග දෙන්නෙක් පොලිස් දැලේ..
රුපියල් ලක්ෂ 121ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 210 ක තොගයක් සමග සැකකරුවන් නුගේගොඩදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රවය කාර්යාංශයට ඊයේ (14) හැකිවී තිබේ. නුගේගොඩ, පාගොඩ පාරේදී අදාළ හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.