පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට..
නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කරන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (17) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස පහ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල ලබා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.