වැසි රහිත ශීත කාලගුණයක්..
ඉදිරි දින කිහිපය තුළ වැසි රහිත, තරමක ශීත කාලගුණයක් රට තුළ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. කෙසේ වෙතත් මෙම කාලගුණ තත්ත්වය ලබන 20 වනදායින් පසු සුළු වෙනස්වීමක් සිදුවනු ඇති බවත් දිවයිනේ ප්‍රදේශ රැසක පෙරවරු කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.