සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව අද රැස්වෙයි, සන්ධානය එයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වනු ඇත. අද දින පාර්ලිමේන්තු රැස්වීම සදහා තම සාමාජිකයින් සහභාගි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසා ඇත. එම සන්ධානය මීට පෙර පැවති පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයකටම සහභාගි නොවීය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වන්නේ ප්‍රථම වතාවටය.

එමෙන්ම අද මධ්‍යහන 12.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත. අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සදහා සීමාවන්ට යටත්ව මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය විවෘත කිරීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට