ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කරයි..
අද (07) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාතික ආණ්ඩුව පිහිටුවිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. අදාළ යෝජනාව අද දිනයේදී විවාදයට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (06) රැස්වූ පක්ෂ නායක රැස්විමේදී යෝජනාවී ඇති අතර ඊයේ රාත්‍රියේදී රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් විසින් අදාළ යොජනාව පාර්ල්මේන්තුවට ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබේ.