සත්‍යයේ පුවත් අඩහැරය….

රේගු අර්බුදයට හේතුව අමාත්‍ය බදියුදීන්ගේ සහෝදරයෙකුගේ ගම්මිරිස් ඡාවාරමයි – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Bombවියට්නාමයෙන් ගම්මිරිස් මෙරටට ආනයනය කර ඒවා මෙරට ගම්මිරිස් බවට ව්‍යාජ සහතිකයක් ලබාගනිමින්, ශ්‍රී ලංකාව විසින් එළඹ ඇති ගිවිසුම් යටතේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට එම ගම්මිරිස් අපනයනය කිරීමේ ඡාවාරමක් කලක සිට ක්‍රියාත්මක වන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. අද (06) කොළඹ, තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු විසින් මෙම ඡාවාරම සිදුකරමින් සිටින බවයි. මෙම තත්ත්වය හමුවේ මෙරට ගම්මිරිස් වගාකරුවන් දැඩි ආර්ථික අසීරුතාවයකට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වල ප්‍රතිරූපයට ද දැඩි හානියක් සිදුව තිබෙන බවද ලසන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

රේගු නිලධාරියෙකු ද මෙම ඡාවාරරමට උපරිම සහය ලබාදෙමින් සිටින බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ස්ථාන මාරුව අත්හිටුවීම තාවකාලික ජයග්‍රහණයක් පමණක් බවත් ලසන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට