මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේදී පිපිරීමක්, ජීවිත හානි නෑ..
ඊයේ (04) රාත්‍රි කාලයේ මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේදී කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. මුලතිව්, මුල්ලියාවෙලි පොලිසිය අනාවරණය කරන්නේ පිපිරීමෙන් කිසිවෙකුට හෝ හානියක් සිදුවී නොමැති බවයි. පිපිරීම සම්බන්ධයෙන් අද (05) දිනයේදී පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ එම පරීක්ෂණ සිදුකෙරෙනු ඇත.