පරිගණක පද්ධතියේ බිඳවැටීමක්, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද දිනයේදී අඩාලයි..
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (05) දිනය තුළදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව අනාවරණය කර සිටියි. පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව, සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.