රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර, ලෝටස් මාර්ගයත් වැසෙයි..
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් මාර්ගය මේ වන විට වසාදමා ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවයක් හේතුවෙන් මෙසේ අදාළ මාර්ගය වසාදැමීමට පොලිසිය විසින් කටයුතු කර තිබේ. මෙම විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කරන ලදී.