සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්, තවදුරටත් තද වැසි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර සිටියි. ඒ අනුව ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන විට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වල ප්‍රදේශ රැසක් සදහා ඉදිරි පැය 24 ක කාලය තුළ තද වැසි ඇද හැළෙනු ඇති බවයි. ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට ද තදවැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට