මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට විශේෂ හමුවක්..
මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට (22) පෙරවරු 10.00 ට මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියළු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුවත් කර ඇති බව ද සදහන් වේ.