සත්‍යයේ පුවත් අඩහැරය….

සහය දෙන්නේ කාටද? දමිළ පක්ෂවල තීරණය තැපැල් ඡන්දට පෙර..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී දමිළ පක්ෂ සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තීරණයකට එළඹෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසා සිටියි. එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා විසින් මේ බව අවධාරණය කර සිටියි. ඒ මහතා තවදුරටත් පවසා සිටින්නේ උතුරු නැගෙනහිර බහුතර රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බවත් ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ලබාදෙන බවයි. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ ඉදිරි සතිය තුළ සාකච්ජා කිරීමට නියමිතව ඇති බවද මාවේයි සේනාධිරාජා මහතා තවදුරටත් පවසා සිටියි. යි.ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් විමසීමේදී සේනාධිරාජා මහතා එලෙස පැවසුවේය. සේනාධිරාජා මහතා පැවසුවේ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ කොළඹදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට