සත්‍යයේ පුවත් අඩහැරය….

අනුරාධපුර – පුත්තලම මාර්ගයේදී වෑන් රථයක් ගසක ගැටී තිදෙනෙකු මරුට, 09 කට තුවාල..

Podu Jana Peramunaඅනුරාධපුර – පුත්තලම මාර්ගයේ අද (24) දහවල් කාලයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ හතරේකණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් එහි රියදුරුවරයාට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබේ. තුන් හැවිරිදි දියණියක්, එම දියණිගේ මව සහ වෑන් රථයේ රියදුරුවරයා මෙම අනතුරින් මියගොස් තිබේ. අදාළ අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ 11 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ 09 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට