සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු හෙටින් අවසන්..

Podu Jana Peramunaනිල කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු හෙට (25) දිනෙන් අවසන් වන බව වාර්තා වේ. මේ හේතුවෙන් ඉදිරි දිනයන් තුළ අදාළ පැමිණිලි විමර්ශනය කිරීමේදී ලබාගන්නා ලද සාක්ෂි සමාලෝචනය කර වාර්තාව සකස් කරන බව ද එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසා සිටියි. මේ අතර අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ධම්මක රණතුංග යන මහත්වරුන් අද (24) උදෑසන මෙම කොමිසම වෙත පැමිණ ප්‍රකාශ ලබාදී ඇත. ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පෙට්‍රල් මිල දී ගැනිමේදී සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට එම මහත්වරුන් දෙදෙනා මෙසේ කොමිසම වෙත පැමිණ තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට