සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. මෙරටට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ලද වායුගෝලයේ කැළඹිලි සහිත ස්වාභය මේ වනවිට ආරබි මුහුද දෙසට ගමන් කරමින් තිබෙන බැවින් මෙසේ වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම දකුණු, ඌව, නැගෙනහිර, උතුරු, උතුරු මැද පාළාත්වලත් නුවරඑළිය, රත්නපුර, කළුතර හා මාතලේ දිස්ත්‍රික්කවලත් ස්ථාන රැසක වැසි ඇතිවනු ඇත. ‍

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට