සිමෙන්ති මිල පහළට..?
හෙට (10) හෝ අනිද්දා (11) යන දෙදින තුළ සිමෙන්ති මිල ගණන්ද පහළ යනු ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අනාවරණය කර සිටියි. නව බදු සංශෝධන අනුව මෙසේ සිමෙන්ති මිල ගණන් අඩුවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අදාළ නව මිලගණන් හෙට හෝ අනිද්දා දිනයන්වල ප‍්‍රකාශයට පත්කරන බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි.