වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය අද සහ හෙට පැය 07 බැගින් වැසේ..
වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය අද (04) සහ හෙට (05) යන දෙදින තුළ පැය 07 ක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ. අළුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ මාර්ගය වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ දින දෙක තුළ රාත්‍රි 10.00 සිට අළුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබේ. අඹතලේ මාර්ගයේ බුත්ගමුව යකඩ පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරීය විසින් තීරණය කර ඇත.