සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස් සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ පාසල් 15 ක් අද වැසේ..

Podu Jana Peramuna72 වන ජාතික නිදහස් දින සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ නගරය ආශ්‍රිත පාසල් 15 ක් අද (03) දිනයේදී වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව කොළම පිහිටි රජයේ මෙන්ම පුද්ගලික පාසල් ද මෙසේ වසා දැමීමට තීරණය කර ඇත. රාජකීය, ඩී.එස් සේනානායක, තර්ස්ටන්, සෙන්ට් බ්‍රිජට්ස්, යශෝධරා, මියුසියස්, සහ කාන්තා විද්‍යාලය වසා දැමීමට නියමිතව ඇත. මීට අමතරව කොළඹ 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ අශෝක විද්‍යාලය ද වසා දැමේ. අද (03) පෙරවරු 07.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත මාර්ග කිහිපයක් ද වසා දැමෙනු ඇත. ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මේට්ලන් පෙදෙස, මේට්ලන් ක්‍රසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වට රවුම දක්වා කොටස් තුළ ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට