සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම නිසා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වෙමින් තිබෙනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි

Podu Jana Peramunaබලයට පත්ව මේ වනවිට මාස 04 ක පමණ කාලයක් ගතව ඇතත් බලයට පැමිණීමේදී ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව, ජනතා අප්‍රසාදයට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත අදහස් පළකළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මුදල් පිළිබඳ පනත යළි ඉල්ලා අස්කරගැනීමට තරම් ආණ්ඩුව අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. 2015 ට පෙර පාලන බලයේ සිටි ආණ්ඩුවේ පැවති අඩුපාඩු මෙන්ම එම සමයේදී ජනතාව අත්විඳි පීඩාකාරී තත්ත්වය පෙන්වාදෙමින් ඊට එරෙහිව සටන් කර බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, සුළුතර ආණ්ඩුවක් ලෙස සියළු පාර්ශව එක්කරගනිමින් ජනතාවට සහන ලබාදුන්නා. පොරොන්දු රැසක් ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සහන ලබානොදී තිබෙන සහන පවා කප්පාදු කරමින් සිටින නමුත් බලයේ සිටි යහපාලන ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ඉන්ධන මිල පහත දැමීම, ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම සහ ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම වැනි ජනතා හිතවාදී වැඩපිළිවෙලවල් රැසක් දියත් කළා.

යහපාලන ආණ්ඩුව බලයට පත්ව දේශපාලඥයින් අත්අඩංගුවට ගනිමින් දේශපාලන පළිගැනීම් සිදුනොකළ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටිනවා. රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම්, විදෙස් ප්‍රතිපත්ති ඇතුළු කටයුතු සියල්ල සක්ස්කර ඇති බැවින් තමන්ට බලය ලබාදෙන්නැයි පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පැවසුවත් එම පිරිස බලයට පැමිණීමෙන් පසු එසේ පවසන ලද කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා දියත් කරනෑ.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීම් උදෙසා රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින් අත්අඩංගුවට ගත්තා. රජයේ විවිධ ආයතයන්හි සේවය කරන ලද 12000 ක පමණ පිරිසක් මේ වනවිට එම රැකියා වලින් ඉවත්කරලා දැන්. වැඩි බැරිවීම හේතුවෙන් ඉදිරියේදී රට තුළ උද්ඝෝෂණ සහ විරෝධතා ක්‍රියාත්මක වීම් වැඩිවනු ඇති බැවින් එවැනි උද්ඝෝෂණ පැවැත්වීමට ස්ථානයක් වෙන්කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කරලා. පසුගිය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තුව මාස ගණනක් කල්නොදමා ජනතාවාදී වැඩපිළිවෙලක් දියත්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළේ නම් ඊට පූර්ණ සහය ලබාදීමට විපක්ෂය ලෙස අප සූදානමින් සිටියා. ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස්කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම වත්මන් ආණ්ඩුව විසින් සිදුකළ යුතුව තිබූ බවත් එවැන්නක් සිදුකළේ නෑ.

යහපාලන ආණ්ඩු සමයේ කෝටි 52000 ක මුදලක් පොලු තබා ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් චෝදනා එල්ලකරනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් සිය පාලන සමය තුළ කෝටි 52000 ක කාර්යයන් රැසක් රට වෙනුවෙන් සිදුකර ඇති බව පිළිගැනීමට සිදුවනවා.

රටෙහි කටයුතු වෙනුවෙන් පසුගිය ආණ්ඩුව විසින් වෙන්කරන ලද මුදල් 2019 වසරේ දෙසැම්බර් මාසය වන විට අවසන් වන බව වත්මන් ආණ්ඩුවේ සිටින ආර්ථික ඔස්තාර්වරුන් දැනගත යුතුයි. අතුරු අයවැයක් ඉදිරිපත්කර 2020 වසරේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට කටයුතු කළයුතුව තිබුන ද එවැන්නක් සිදුවූයේ නෑ.

වත්මන් ආණ්ඩුවට ජනාධිපතිවරණයේ දී හැට නව ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් හිමි වු නිසා කිසිදු පාර්ශවයක සහයෝගය නොමැතිව රට සහ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකියාව පවතින බව පැවසුවත් මෙතෙක් එවැනි සේවයක් කරලා නෑ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට