සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි මහමැතිවරණයට පෙර ක්‍ෂුදු මූල්‍ය ණය කපාදැමීමේ වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණයට පෙර ක්‍ෂුදු මූල්‍ය ණය කපාදැමීමේ වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් සහන පොළී යටතේ සමූපකාර හරහා ණය ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (28) පාර්ලිමේන්තුවේ විපක්ෂප නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලද අතර මෙහිදී තවදුරටත් පහත පරිදි අදහස් පළකළේය.

ක්‍ෂුදු මූල්‍ය ණය සහ ළදරු පරපුරේ ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළයුතුව තිබෙනවා. අද වනවිට මෙරට ජනතාවගේ ජන ජීවිතය පහළ වැටෙමින් තිබෙනවා. ජනතාව ජීවත්වීමේ දැඩි අපහසුතාවයකට ලක්ව සිටින්නේ. රටේ දරිදුතාවය ද ඉහළයමින් තිබෙනවා.

විශේෂයෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂ්ත්‍රය තුළ රටේ කාන්තාවන් දැඩි අපහසුතාවයට පත්වෙමින් තිබෙනවා. අයකරනු ලබන ඉහළ පොළී අනුපාතික හේතුවෙන් අපහසුතාවයට පත්වන පිරිස් සියදිවි නසාගන්නා තත්ත්වයක් පවා උද්ගතව වෙලා. මෙම ණය උගුලට හසුව සිටින ජනතාව ඉන් මුදවාගැනීම සඳහා රජය කටයුතු කළයුතුයි. ඒ අනුව ඉදිරි මහමැතිවරණයට පෙර ක්‍ෂුදු මූල්‍ය ණය කපාදැමීමේ වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් සහන පොළී යටතේ සමූපකාර හරහා ණය ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ශක්තිමත් නීතිරාමුවක් තුළ මෙම ණය ලබාදෙන ආයතන නියාමනය කරන ලෙස ද ආණ්ඩුවට අපි කියා සිටිනවා. සමූපකාර පද්ධතිය හරහා සාධාරණ සහන පොළියක් යටතේ ණය ලබාදීම සිදුකළ යුතුයි. ණය ගන්නා පිරිසටත් නීතියෙන් ආරක්ෂාවක් ලබාදිය යුතුයි. මෙම යෝජනා කෙටි කාලීනයි. දිගු කාලීන යෝජනා ද අප සතුව තිබෙනවා. සුළු හා මධ්‍ය නිෂ්පාදකයින් රැකගනිමින් සෑම ප්‍රාදේශිකයක් පාසා කාන්තා සමූපකාර සමිති බිහිකළයුතුයි. මෙරට පොදු සම්පත් සඳහා ද නීතිමය ආරක්ෂාවක් ලබාදිය යුතුව තිබෙනවා.

යහපත් ආර්ථික මට්ටමක් සහිතව ජනතාවගේ ආර්ථික අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මූලික අයිතිවාසිකම් ක්‍රමවේදය සංශෝධනය කළයුතුයි. ඒ අනුව ආර්ථික අයිතියත්, ජීවත්වීමේ අයිතියත්, උසස් ජන ජීවිතයක් ගතකිරීමේ අයිතියත් මූලික අයිතිවාසිකම් බවට පත්කළ යුතුයි. සමාජ ආරක්ෂණ වැඩසටහන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය පියවර ගතයුතුව තිබෙනවා.

අපචාරයකට ලක්වූ කුඩා දැරියක් පිළිබඳ පුවතක් පසුගිය දිනයන්හිදී වාර්තා වුනා. එම ගැටළුව මඟහරිමින් වගකිවයුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවක් පෙනෙනෙවා. ජන ජීවිතය සුරක්ෂිත කරන බව පවසමින් බලයට පැමිණිය ද ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී තිබෙනවා. ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝණය කිරීමට කිසිදු බලවතෙකුට බෑ. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ආණ්ඩුවෙන් විමසනවා. රටේ දරු පරපුර වෙනුවෙන් කැළෑ නීතියක් ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පීඩාවට පත්වන ජනතාවට නිසි ආරක්ෂාවක් හිමිවන නව සමාජයක් සහ නව යුගයක් නිර්මාණය කරනවා.

අපයෝජනයට ලක්වන දරුවන්ගේ අයිතීන් සුරකිමින් එම අපයෝජන ක්‍රියාවන් සිදුකරන පිරිස් නීතිය ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් නීතිමය රාමුවක් ඉදිරියේදී ගොඩනඟනවා. සමඟි ජන බලවේගය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අපත් සමඟ එක්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරණ ජාතික හෙළ උරුමය මෙන්ම මනෝ ගනේෂන්, දිගම්බරන් සහ රාධා ක්‍රිෂ්ණන් යන පිරිස් නියෝජනය කරන කඳුරට දේශපාලන ප්‍රජාවත්, රවුෆ් හකීම් මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් මේ වනවිට සමඟි ජන බලවේගයට සිය ශක්තිය ලබාදී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

මෙරට මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් ලෙස සමඟි ජන බලවේගයට එක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටුවනවා. මෙරට ජාතීන් අතර සමඟිය ඇතිකිරීමේ අරමුණින් වෙනම ලකුණකින් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද වෙනම පක්ෂයක් ලෙස විශාල බලවේගයක් ඔස්සේ නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වනවා. රටේ සමඟිය බිඳදැමීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ කාර්යයන් සිදුකරමින් සිටිනවා. ආණ්ඩුව බලයට පත්ව ගතව තිබෙන දින 100 ක කාලය තුළ රටට සිදුවූ කිසිදු සේවයක් නොමැති බව ජනතාව හොඳින්ම තේරුම්ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ද ඇතිව පිහිටුවාගන්නා ලද සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එච්.එම්.එම්. හාරිස්, එම්.අයි.එම් මන්සූර්, ඒ.එල්.එම් නසීර් සහ එම්.එස් තවුෆික් යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට