සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැණින් සිදුකළේ රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීමයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න

Podu Jana Peramunaපසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින් වෙත ලබාදෙන ලද වැටුප් වැඩිවීම අත්හිටුවීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැණින් සිදුකරන ලද්දේ රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මිය අවධාරණය කරසිටියි. ඊයේ (28) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද රෝහිණි කවිරත්න මහත්මිය මෙහිදී තවදුරටත් පහත පරිදි අදහස් පළකරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට සිය ඡන්දය භාවිතා කළ රාජ්‍ය නිලධාරීන් මහපාරට ඇදදැමීමට එම ආණ්ඩුවම කටයුතු කරලා. 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව විසින් දියත් කරන ලද රටට හිතැති ක්‍රියාවක් ලෙස සැලකිය හැකි ආංශික අධීක්ෂණ කමිටුව තුළ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශය වෙනුවෙන් පත්කරන ලද උප කමිටුව විසින් විශේෂ තීන්දු තීරණ රැසක් ගන්තා. ඒ අනුව විදුහල්පතිවරුන්, දෙමව්පියන් ඇතුළු පිරිස් එක්ව පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සංශෝධන 21 ක් සිදුකළා.

කුඩා දැරියක් අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඡාලා තුළ පළවෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාදැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් විමසා සිටිනවා. මෙම සිදුවීමට අදාළ දැරිය මේ වනවිට අතුරුදහන්ව ඇති බව සඳහන් වනවා. මෙම අපචාරය පිළිබඳ චෝදනා එල්ලවී සිටින පුද්ගලයා දේශපාලන උපකාරයකින් සහ මුදල් බලය යොදවා නිදහස්වීමට උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. මෙම පුද්ගලයා කවුද? ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

තමන්ට අවශ්‍ය සනීපාරක්ෂක සේවා නොව රට තුළ ජීවත්වීමට ආරක්ෂාව යැයි පසුගිය ජනාධිපතිවරණ වේදිකාවන් තුළදී වත්මන් ආණ්ඩුවට සහය පළකළ කාන්තාවන් පිරිසක් විසින් පවසා සිටියා. මේ වනවිට ළමා අපචාර සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙනවා. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ කෙලෙසකදැයි ඉහත කාන්තාවන්ගෙන් විමසනවා. මේ වනවිට විශ්‍රාමිකයින් විශාල පිරිසක් වීදි බැස විරෝධතා දක්වමින් සිටිනවා.

රණවිරුන් යොදාගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළ ආණ්ඩුව විසින්ම එම රණවිරුවන් මහපාරට ඇද දමලා අවසන් අද වනවිට. බලයට පැමිණි විගස රණවිරුවන්ට සහන ලබාදෙන බව පැවසුව ද මෙතෙක් එම සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරලා නෑ.

යහපාලන ආණ්ඩුව විසින් ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් දියත් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමෙන් පසුව විනා මුදල් ණයට ලබාගැනීමෙන් නොවේ. එසේ වෙන්කරන ලද මුදල් මෙන්ම විශ්‍රාමික දීමනා ඇතුළු වැටුප් වැඩිකිරීමට වෙන්කරන ලද මුදල් කොහේදැයි ආණ්ඩුවෙන් විමසනනවා.

බලයට පැමිණෙන විට ලබාදෙන ලද පොරොන්දු ඉදිරි මහමැතිවරණයට පෙර වහාම ඉටුකරන්නැයි වත්මන් ආණ්ඩුවට අවධාරණය කරවා. ඉදිරි මැතිවරණයෙන් පසු එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක වේවි. ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන ලකුණ අලියා ද නැතහොත් හංසයා ද යන්න සම්බන්ධයෙන් වන ගැටළුව නුදුරේදීම අද දිනයේදී විසඳාගැනීමට හැකිවේවි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ මහාචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ද මෙහිදී පහත පරිදි අදහස් දක්වන ලදී.

තමන් ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූනා. මෙරට ප්‍රධාන පක්ෂ දෙක අතරින් ජනතාවට යුක්තිය ඉටුකරන සහ ජනතාවට සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනඟන පක්ෂය කුමක්දැයි ජනාධිපතිවරණයෙන් පසුව විමසා බැලූවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මම තීරණය කළා. තමන් ඉදිරි මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයෙන් තරඟකිරීමට බලාපොරොත්තු වනවා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපගේ ප්‍රතිපත්ති හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සැසඳෙන නිසා ඉදිරි දේශපාලන ගමන සාර්ථකව සිදුකිරීමට අනිවාර්යයෙන්ම හැකිවේවි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට