මෙරට සියළුම ගුවන් තොටුපළවල් වසා දැමේ ..
යලි දැනුම් දෙන තුරු මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත. හදිසි මඟි හුවමාරුවීම, හදිසි ආපදා තත්ත්වයන් මත සිදුකරනු ලබන ගොඩබැස්සවීම, මානුෂිය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන ගුවන් මෙහෙයුම්, තාක්ෂණික හේතුන් මත සිදුකරනු ලබන ගොඩබෑම් සහ මඟින් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වලට ගොඩබෑමට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.