සත්‍යයේ පුවත් අඩහැරය….

පන්දහසේ දීමනාව දේශපාලනීකරණය වීමෙන් ගැටළු රැසක්, විසඳීමට මැදිහත් වන්නැයි සමඟි ජන බලවේගය මැ.කෝ ගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට මුහුණපා ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටේ ජනතාව වෙත රුපියල් 5000/- ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන් කරමින් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. සමගි ජන බලවේගය සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර ප්‍රදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් මඟින් මෙම රුපියල් 5000/- දීමනාව ජනතාවට ලබාදීම ආරම්භ කරන ලද නමුත් ග්‍රාම නිලධාරීන් ඉවත්කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන අධිකාරියට එම ක්‍රියාවලිය පැවරීමට රජය කටයුතු කිරීමෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසක් උද්ගතව තිබෙන බව එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම තත්ත්වය හමුවේ දේශපාලන හිතවත්කම මත අදාළ දීමනාව ලබාගැනීමට සැබෑ ලෙසම හිමිකමක් ඇති විශාල පිරිසකට එය අහිමිව ගොස් ඇති බවත් මීට එරෙහිව ග්‍රාම නිලධාරීන් මෙම දීමනාව බෙදාදීමේ වැඩපිළිවෙලින් ඉවත්වීමට පවා තීරණය කර ඇති බව ද මෙම ලිපියෙහි තවදුරටත් සඳහන්ව ඇත. රාජ්‍ය මුදල් දේශපාලන අධිකාරිය විසින් ජනතාවට බෙදා දුන්න ද එහි අවසාන වගකීම පැවරෙනුයේ ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වන බැවින් රාජ්‍ය මුදල් රෙගුලාසි ඇතුළු මැතිවරණ නීති පවා උල්ලංගණය වන මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන්නැයි සමඟි ජන බලවේගය මෙම ලිපිය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට